fbpx
සමුපකාර ව්‍යාපාාරයේ ප‍්‍රමුඛයාගෙන් ‘‘නිෂ්පාදන අංශය’’ පාරිභෝගික ඔබ වෙනුවෙන් හා ප‍්‍රාදේශයේ ගොවි ජනතාවගේ නිෂ්පාදනයන් වෙනුවෙන් සාධාරණීය වූ සේවාවක් ලබා දීම සදහා සහල් සැකසුම් අංශය, පොල්තෙල් සැකසුම් අංශය ප‍්‍රවාහන, මුද‍්‍රණ කටයුතු වෙනුවෙන් පිහිටුවා ඇත. අප නිෂ්පාදන අංශය තුළ ප‍්‍රධාන වශයෙන් ව්‍යාපාරික අංශ 4 ක් දැනට ක‍්‍රියාත්මක වෙයි.

සහල් සැකසුම් අංශය

ප‍්‍රදේශයේ ජීවත් වන බහුතර ගොවි ජනතාවගේ ප‍්‍රධාන ආර්ථික බෝගයක් වන්නේ වී වගාවයි. මෙම වී අස්වැන්න සාධාරණීය මිලක් ගෙවා බෙලිඅත්ත සමුපකාර සමිතියේ සහල් සැකසුම් අංශය විසින් මිලදී ගනු ලබයි. එම වී සහල් සැකසුම් අංශය තුල ස්ථාපිත කර ඇති ඉහළ ධාරීතාවකින් යුුත් යන්ත‍්‍ර සූත‍්‍ර මගින් සහල් බවට පත් කරයි. එම සහල් කෝප්සිටි / ප‍්‍රාදේශික වෙළඳ සැල් / සමුපකාර සමිති හා වෙළඳුන් සඳහා තොග හා සිල්ලරව අලෙවි කරති.

පොල් තෙල් සැකසුම් අංශය

සී/ස බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පොල්තෙල් සැකසුම් අංශය මගින් පාරිභෝගික ඔබට ඉතාමත් නැවුම් පිරිසිදු පොල් තෙල් මිලදී ගැනීමේ අවස්ථාව උදා කරයි. ප‍්‍රදේශයේ පවතින පොල් ඵලදාව තුළින් ලබා ගන්නා කොප්පාරා සාධාරණීය මිලකට ලබා ගෙන නවීන යන්ත‍්‍ර සූත‍්‍ර ආදියෙන් පොල් තෙල් නිපදවා ගනු ලබයි. මෙම පොල්තෙල් සමුපකාර සමිති හා සියළුම ව්‍යාපාරික / පාරිභෝගික ජනතාවට බෙදා හරිනු ලබයි.

ප‍්‍රවාහන අංශය

සී/ස බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතියේ ප‍්‍රවාහන අංශ මගින් සමිතියේ සියඵ ප‍්‍රවාහන කටයුතු සිදු කරයි. භාණ්ඩ බෙදා හැරීම හා භාණ්ඩ ගෙන්වීම ඒ අතර ප‍්‍රධාන වේ. අවශ්‍යතාවය අනුව පාරීභෝගික ඔබගේ ප‍්‍රවාහන කටයුතුද ඉතා සාධාරණ මුදලකට සිදු කරනු ලබයි

මුද්‍රණ අංශය – Belco Offset Printers

බෙලිඅත්ත සමුපකාර සමිතියේ මුද්‍රණ අංශය ‘‘බෙල්කො ඔෆ්සෙට් ප‍්‍රින්ටර්ස්’’ නමින් තම සේවා කටයුතු පවත්වාගෙන යයි. සියළුම ඔෆ්සෙට් මුද්‍රණ කටයුතු මුද්‍රණ අංශය මගින් සිදුකරනු ලබයි. ප‍්‍රදේශය තුළ පමණක් නොව මුළු දිවයිනම ආවරණය වන පරිදි මුද්‍රණය සේවා කටයුතු සිදු කරනු ලබයි. සමුපකාර සමිති / රාජ්‍ය ආයතන / රාජ්‍ය නොවන ආයතන / ව්‍යාපාරිකයන් ඇතුළු විශාල ගණුදෙනුකරුවන් රාශියක් බෙල්කො ප‍්‍රින්ටර්ස් ආයතනය තුළින් තම මුද‍්‍රණ අවශ්‍යතා ලබාගනු ලබයි.

  • අත් පත‍්‍රිකා Hand bill

  • පෝස්ටර් Poster

  • දින දර්ශන Calendar

  • පුවත්පත් Newspaper

  • සගරා

  • පොත් Book

  • බිල් පොත් Receipt Book

  • ටිකට්පත් Tikets

  • ඬේ කාඞ් Day card

  • ලේබල් Lable

  • ඇසුරුම් පෙට්ටි Box

Open chat
1
ආයූබෝවන්.. ඔබට අවශ්‍ය සහය කුමක් ද ?