fbpx

සී/ස බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතියේ ඉතිහාසය

 

හරියටම වසර හතලිහකට පෙර ඒ  1970 වර්ෂයයි. එවකට තංගල්ල බල ප්‍ර්‍රදේශයේ නගර සීමාවේ විපුල මන්දිරයක නමින් නිවසක් විය. එය ජනතාව නිතර ගැවසෙන , ජනයා අතර ප්‍ර්‍රකට ස්ථානයකි. ඒ අනෙකක් නිසා නොව සී / ස දකුණු ගිරුවාපත්තු කඩ සමිති සංගමය එහි පිහිටා තිබීමයි.

මෙම යුගය දේශපාලන සමාජ ආර්ථික කේෂ්ත්‍ර්‍රයන් තුල දැවැන්ත පෙරලියක් සිදුවෙමින් පැවති යුගයකි. බෙලිඅත්තේ පොඩිපුතා නමින් ජනතාවගේ ආදරය දිනාගත් තරැණයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරලියට පැමිණෙන්නේ මේ වකවානුවේදීය.

ජනතා ප්‍රසාදය දිනා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන මෙම තරුණයා අන් කවරෙකුද නොව වත්මන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ය.

මෙම වකවානුවේදී සමූපකාර සමිති සදහා වෙනමම සභාපති වරයෙකු නොවීය. ප්‍රදේශයේ පාලන බලය හිමි දේශපාලඥයාම සමූපකාර සමිතියේ සභාපති ලෙස කටයුතු කරන ලදී.

ඒ අනුව දකුණු ගිරුවාපත්තු කඩ සමිති සංගමයේ සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන් පත් විය. තංගල්ල නගර සීමාව තුල පමණක් ව්‍යාප්ත වූ දකුණු ගිරුවාපත්තු කඩ සමිති සංගමය බල ප්‍රදේශය තුල වැඩි දුරටත් ව්‍යාප්ත කිරීම සිදුවන්නේ එතුමාගේ පුරෝගාමීත්වයෙනි.

1971 වර්ෂය ආරම්භයත් සමග එනම් 1971.01.25 දකුණු ගිරැවා පත්තුවේ කඩ සමිති සංගමය දෙකඩ වන අතර ලියාපදිංචි අංක හ/276 සහ හ/277 යටතේ සී/ස තංගල්ල විවිධ සේවා සමූපකාර සමිති සහ සී/ස බෙලිඅත්ත විවිධ සේවා සමූපකාර සමිතිය බිහි වේ. බෙලිඅත්ත වි.සේ.ස. සමිතිය බෙලිඅත්ත නගරය කේන්ද්‍ර කර ගනිමින් ද සිය ගමන් ආරම්භ කිරීම සිදුවේ. බෙලිඅත්ත සමූපකාර සමිතියෙහි ප්‍රථම සභාපතිතුමන් ලෙස වත්මන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පත්වන අතර රුහුණු ගිරුවාගම් පත්තුවේ වඩා වැඩි ජන කොටසකට සමූපකාරික සේවාව අත්විදීමේ අවස්ථාව හිමිවනනේ මේ සමගයි.  

Open chat
1
ආයූබෝවන්.. ඔබට අවශ්‍ය සහය කුමක් ද ?