fbpx

සීමාසහිත බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතිය 1972 02 24 දින, හ/244 යටතේ විවිධ සේවා සමුපකාර සමිතියක් ලෙස ආරම්භ කරන ලද අතර, මේ වන විට ව්‍යාපාර අංශ රාශියක් යටතේ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් සපයයි. ග්‍රාමීය බැංකු ශාඛා 12 ක්, කෝප් සිටි වෙළදසැල් 16 ක්, ඉන්ධන පිරවුමහල 02ක්, මුද්‍රණ අංශයක්, පොල්තෙල් හා සහල් සැකසුම් අංශයක් , රක්ෂණ, නියෝජිත සේවා, කෝප් විලේජ් උත්සව ශාලාව ඇතුලු ව්‍යාපාරික අංශ රාශියකින් ප්‍රදේශවාසී ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරනු ලබයි. ඒ සදහා 200 කට අධික කාර්ය මණ්ඩලයක්‍ ඔබ වෙනුවෙන් කැප වී සිටියි. සමුපකාර ක්ෂත්‍රය තුළ රන් සම්මානවලින් ද පිදුම් ලබා ඇති අප ආයතනය ප්‍රදේශයේ සමාජ සුබසාධන වැඩසටහන් හරහාද විශාල සේවාවක් සපයනු ලබයි.

 
Open chat
1
ආයූබෝවන්.. ඔබට අවශ්‍ය සහය කුමක් ද ?