fbpx

 

 

මහජන දියුණුව සැලසෙන්නේ
පදනම සහයෝගය වෙමිනේ
සමගි බලේ // / යොදවමිනේ
සිරිලක නිදහස රැකදෙන්නේ
ජය වේවා සිරිදේවා – සමුපකාරය පැතිරේවා

උස්මිටිකම් අමතක කරදා
දුර හැර ආගම් කුල බේදා
අලස නොවී /// දිරිය යොදා
ලක්මව සුරකිමු අපි සැමදා
ජයවේවා – සිරිදේවා – සමුපකාරය පැතිරේවා

තම තමනට දෙන ආධාරේ
විලස ගැනේ සම උපකාරේ
දිළිඳු දනා /// පෙළ අතරේ
සේවය වෙයි සිරිලක් අඹරේ
ජය වේවා – සිරිදේවා – සමුපකාරය පැතිරේවා

සිය රට ගොඩමඩ ගොවිතැනෙහි
වෙළහෙළදාමෙහි අත්තමෙහි
දියුණුවටා /// මතු දිනෙහි
පිහිටයි සමුපකාරයෙහි
ජය වේවා – සිරිදේවා – සමුපකාරය පැතිරේවා

ජාතික ධනය ද සුදුසු ලෙසේ
පොදු ජනයා හට බෙදන ලෙසේ
සමවාසී /// ලැබෙන ලෙසේ
සමුපකාරයෙන් ඉඩ සැලසේ
ජය වේවා – සිරිදේවා – සමුපකාරය පැතිරේවා

සමුපකාරය බලය යොදා
රට තොට උවදුරු නැති කරදා
අසරණයා // දුකින් මුදා
සැමටම සුබසෙත කරමු උදා
ජය වේවා – සිරිදේවා සමුපකාරය පැතිරේවා

මෙම සමුපකාර ගීතය ප‍්‍රබන්ධය කළේ සරණගුප්ත අමරසිංහ මහතාය.
මෙම සමුපකාර ගීතයේ තනු නිර්මාණය කරන ලද්දේ
ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතාය.

ශ‍්‍රී ලංකාවේ මෙම සමුපකාර ලාංඡනය නිර්මාණය කරන ලද්දේ ඕවන් වීරක්කොඩි මහතාය. මෙයින් පිළිබිඹුවන්නේ, කාර්මික, කෘෂිකාර්මික සහ සේවා ක්‍ෂේත‍්‍රයේ සංකලනය සහ සහයෝගීත්වය සහ සංවර්ධනයයි.

This Colour Cooperative Logo Graphic Design by Dinuka Ranasinghe (2010 Year)

Open chat
1
ආයූබෝවන්.. ඔබට අවශ්‍ය සහය කුමක් ද ?